ඔබ රෝහලකට ඇතුලත් කල පසු, ඔබට රුධිර කැටියක් ඇතිවීමේ අවධානම පිලිබඳව ඔබ ඇතුලු කල අවස්ථාවේදී සලකා බැලිය යුතුයි.
ශල්‍යකර්මයන් සහ සමහර ප්‍රතිකාර ඔබට DVT ඇතිවීමේ අවධානම වැඩි කල හැකියි.
ඔබට DVT ඇතිවීමේ අවධානමක් ඇත්නම්, එය වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් ඔබගේ සෞඛ්‍ය කණ්ඩායම සතුව ඇත.
ඔබ ශල්‍යකර්මයක් සදහා රෝහලකට යන්නේ නම්, සහ ඔබ සංයුතිය උපත් පාලන පෙති හෝ හෝර්මෝන නැවත ස්ථාපිත කිරීමේ ප්‍රතිකාර(HRT), භාවිතා කරන්නේ නම්, ඔබගේ ශල්‍යකර්මයට සති 4කට පමණ පෙර එම ඖෂධ තාවකාලිකව නවත්වන ලෙස ඔබට උපදෙස් ලැබෙනු ඇත.
එලෙසම ඔබ රුධිර කැටි වැලැක්වීමට ගන්නා,ඇස්පිරින් වැනි ඖෂධ භාවිතා කරන්නේ නම් ඒවා ද ශල්‍යකර්මයට සතියකට පමණ පෙර නවත්වන ලෙස ඔබට උපදෙස් ලැබෙනු ඇත.
ස්ථානික නිර්වින්දක, සාමාන්‍ය නිර්වින්දක සමග සැසඳීමේදී DVT සෑදීමේ අඩු අවධානමක් ස්ථානික නිර්වින්දක වලට ඇත. ස්ථානික නිර්වින්දක භාවිතා කිරීම යෝග්‍ය දැයි ඔබේ වෛද්‍යතුමා ඔබ සමග සාකච්ඡා කරනු ඇත.
කුමන ප්‍රතිකාර වර්ගයක් ලබා ගත්තද, රෝහලකට ඇතුලත් කරන සෑම අයෙකුටම රුධිර කැටියක් ඇතිවීමේ අවධානමක් ඇත.
ඔබ රෝහලක සිටින විට ඔබට DVT ඇතිවීමේ අවධානම අඩු කිරීම සදහා ඔබගේ සෞඛ්‍ය කණ්ඩායමට ගත හැකි ක්‍රියාමාර්ග රැසක් ඇත.
උදාහරණයක් ලෙස ඔබ විජලනයට පත් වීම වැලැක්වීමට ප්‍රමාණවත් තරම් දියර පානයට හා ඔබට හැකියාව ලැබුන විගසම එහා මෙහා ගමන් කිරීමට ඔවුන් ඔබව දිරිමත් කරනු ඇත.
අවධානම් සාධක හා තනි තනි පුද්ගල තත්වයන් මත DVT වලක්වා ගැනීම සදහා ලබා දිය හැකි ඖෂධ වර්ග ගණන වෙනස් වේ. උදාහරණ වශයෙන්:
ඔබගේ පාද වල රුධිරය සංසරණය වෙමින් පවත්වා ගැනීමට බහුලව සම්පීඩක මේස් හෝ සම්පීඩක උපකරණ භාවිතා කරයි.
සම්පීඩක මේස් ඔබගේ පතුල්, කකුලේ පහල කොටස හා කලවා ප්‍රදේශ ආවරණය වන ලෙස පලදින අතර එමගින් ඔබේ රුධිරය වඩා ඉක්මනින් ශරීරය තුල සංසරණය දිරිමත් කරයි.
සම්පීඩක උපකරණ ද සම්පීඩක මේස් මෙන්ම ක්‍රියාකරන අතර ඒවාට හුලං පිරවිය හැක. සමාන කාලාන්තර වලදී ඒවාට හුලං පිරවීම නිසා පාද මිරිකීම මගින් රුධිර ගමනාගමනයට ඉවහල් වේ.
ඔබට සම්පීඩක මේස් පැලදීමට නියම කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ආකාරයට නිතිපතා කරන වැඩ කිරීමට ඔබට ඔබගේ සෞඛ්‍ය කණ්ඩායම මගින් උපදෙස් ලැබෙනු ඇත. නිතර එහා මෙහා යාම මගින් [DVT වල රෝග ලක්ෂණ](https://www.nhs.uk/conditions/deep-vein-thrombosis-dvt/#symptoms of DVT), පසු ත්‍රොම්බොටික් සහලක්ෂනය (post-thrombotic syndrome )වැනි DVT වල සංකූලතාවන්නැ වත ඇතිවීම සහ වර්ධනය වැලැක්වීමට උපකාරී වේ.
රුධිර කැටියක් ඇතිවීම රෝහලෙන් ගොස් සති කිහිපයකට පසුවද ඇතිවිය හැකි හෙයින් ඔබට දිගටම ප්‍රතිකැටිකාරක (anticoagulant) ගැනීමට සහ සම්පීඩක මේස් පැලදීමට සිදු වනු ඇත.
ඔබ පිටව යාමට පෙර, ඔබගේ ප්‍රතිකාර ලබා ගන්නා ආකාරය, කොපමණ කල් එම ප්‍රතිකාර ලබා ගත යුතුද යන්න සහ කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවහොත් දැනුම් දිය යුත්තේ කාටද යන්න පිලිබඳව ඔබගේ සෞඛ්‍ය කණ්ඩායම ඔබව දැනුවත් කරනු ඇත.
ඔබගේ ජීවන රටාවේ වෙනස්කම් ඇති කිරීම මගින් ඔබට DVT ඇතිවීමේ අවධානම අඩු කරගත හැකිය, ඒවා නම්:
සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම හෝ ඔබ තරබාරු නම් බර අඩු කර ගැනීම
ඔබට DVT ඇතිවීමේ අවධානමක් ඇත්නම්, හෝ ඔබට පෙරදී DVT සෑදී ඇත්නම් දිගු දුර ගමනක් යාමට පෙර ඔබගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න.
ඔබ දිගු දුර ගමනක් ගුවනින්, දුම්රියෙන් හෝ මෝටර් රථයෙන් (පැය 6 ක් හෝ ඊට වඩා වැඩි ගමනක්) යාමට සැලසුම් කරන්නේ නම්, පහත කරුණු වලට අවධානය යොමු කල යුතුයි:
සංචාරක රක්ෂණාවරන ඔබ පිට රටක සංචාරයක යෙදෙන්නේ නම් ඔබ හෝ ඔබේ පවුලේ අයෙකු අසනීප වූ විට ඔබ සූදානමින් සිටීම ඉතාම වැදගත් වෙනවා.
ඔබට පිටරටකදී අවශ්‍ය විය හැකි ඕනෑම සෞඛ්‍ය පිරිවැයක් ආවරණය වන පරිදි පූර්ණ සංචාරක රක්ෂණාවරනයක් තිබෙන බවට වග බලා ගන්න. පිලිකාවන් හෝ හෘද රෝග වැනි DVT ඇතිවීමේ අවධානම වැඩි කල හැකි ඔබට පෙර පැවති රෝග තත්වයන් මෙහිදී ඉතාම වැදගත් වනවා.
DVT ඉතාම බරපතළ තත්ත්වයක් විය හැකි බැවින් හැකි තරම් ඉක්මනින් වෛද්‍යආධාර ලබා ගැනීම ඉතාම වැදගත් වනවා. DVT සදහා වහාම ප්‍රතිකාර කිරීම මගින් එහි සංකූලතා ඇතිවීමේ අවධානම අඩු කරගත හැකියි.